Tuesday 26 March 2013

හාෆ් ඩේ එකක් දැම්මෙමි - Half day casual leave


ඉස්සර මං අර කෝපරේසොමේ (බොසී යටතේ) වැඩ කරන කාලේ අපිට අවුරුද්දට දවස් හතක් අනියම් නිවාඩු තියෙනවා. ඊට අමතරව දවස් විසි එකක් ලෙඩ නිවාඩු තියෙනවා. තවත් දවස් හතක්ද කොහෙද ඇනුවල් ලීව්!

කැෂුවල් ලීව් දැම්මට ඔය ලෙඩ නිවාඩු විසි එකෙන් දවස් බාගයක් හරි ගන්න එක හැබැයි හරිම පාඩු වැඩක්.

මොකද දවස් විසි එකම ලෙඩ නිවාඩු දාන්නේ නැතුව ඉතුරු කර ගත්තොත් ඊලඟ අවුරුද්දේ ජනවාරියට දවස් තිහක අමතර පඩියක් බෝනස් විදියට ලැබෙනවා.

ඒත් ඒකෙන් දවස් බාගයක් හරි අඩුවුනොත් කෙලින්ම තුනෙන් එකක් කැපෙනවා. දවස් විස්සයි දශම පහක පඩිය විතරයි ලැබෙන්නේ. ඉන් පස්සේ ගන්න හැම දවසක ලෙඩ නිවාඩුවකටම දවසක පඩියක් අර බෝනස් එකෙන් අඩුවෙනවා.

ඉතිං ඒ දවස්වල අපිට අසනීප වෙන්නේ එහෙමත් දවසක ඉතාම කලාතුරකින්. කොහොමටත් ඒ දවස්වල මං යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු දෙකක්වත් නොගිය කොල්ලා!

පස්සේ අර චරිත සහතිකය හෙම අරගෙන එක්තරා තිප්පොලක වැඩට ගියාට පස්සේ නම් නිවාඩු දාන්න වුනේ නෑ කසාඳ බඳින්නවත්. කොන්ෆරන්ස් එකකට සට යන්නයි පොඩි පස්තාච්චි වැඩකට ගිහින් එන්නයි විතරයි නිවාඩු දැම්මේ.

ඒකටත් එක්ක මේ කාලේ!

දැන් ඉතිං පවුල් පන්සල් වෙලා නිසාත්, ක්ලොක් එක කැරකෙන නිසාත්, විටින් විට නිවාඩු දාන්න වෙනවා.

ඔන්න අද මං දැම්මා හාෆ් ඩේ එකක්.

උදේ නමය හමාර විතර වුණා වැඩ පොලට යනකොට. අපේ බොසා අද නෑ. පොර ගිහින් පොඩි කන්ෆරන්ස් එකකට මැලේෂියාවේ එන්නේ ලබන සුමානේ.

හදිසි වැඩ දෙක තුනක් අහවර කරලා, තේ කෝප්යක් බීලා, දවල්ට හාමිනේ හදලා දුන්නු සැන්විච් දෙක කාලා දවල් එක හමාරට විතර ඔෆීසියෙන් ආවා.

සති දෙකකට පාරක් අපිට මේ වගේ කැෂුවල් හාෆ් ඩේ එකක් දාන්න පුළුවනි.

හැබැයි පුතෝ මේකයි කේස් එක!

නිවාඩු දාන්න ලේසියි. නමුත් හෙට වැඩට ගියාට පස්සේ මංතුමාම මගේ වැඩ ටික කරන්න ඕනෑ. ආයේ වෙන කවුරුවත් නෑ මං නැති වෙලාවේ මගේ වැඩ ටික කරලා තියන්න.

එහෙම බැලුවාම ඉතිං නිවාඩු දැම්මත් නිකං නොදැම්මා හා සමානයි.

මේකට තියෙන එක විකල්පයක් තමයි වැඩ ගෙදර ගේන එක. ඉස්සර මං එක, එක තිප්පොලවල්වල වැඩ කරන කාලේ මගේ රාජකාරිවලින් සෑහෙන කොටස් කෙරුවේ ගෙදරදී.

ගොනා මං විකුණුවා මීට අවුරුදු හයකට කලින්.

දැන් නං ඉතිං ඔෆිස් එක ගෙදර ගේන්නේ නෑ, නෑ, නෑ ම යි!

දෙවෙනි විකල්පය තමයි කෝච්චියක් එලවනවා වගේ ජොබ් එකකට මාරු වෙන එක. මොකද එහෙම වුනොත් මං නැති වුනත් කොච්චිය දුවනවානේ. මං හෙට ගියාම තියෙන්නේ අළුත් කෝච්චියක්. ඊයේ එක නොවෙයි!

-කතන්දරකාරයා

ප/ලි:
ගෙදර පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් තිබුණා කාලයක් තිස්සේ අතපසු වුණු. අද කලින් ආපු නිසා බාස්සුන්නැහේ කෙනෙකුට එන්න කියලා ඒක අහවරක් කර ගත්තා.

කළුවර වැටුනාට පස්සේ මිදි යුෂ ටිකක් එක්ක හැප්පුණා. සියේට දහතුන හමාරක් වුණාට ඒවත් නරකම නෑ!


(image: http://erikagsimon.com/unemployed-and-overqualified-the-benefits-of-underachieving/lazy-rubics-cube/)

70 comments:

  1. අනියම් නිවාඩු දාලා කකා අනියම් වැඩ කරනවද මන්ද..
    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. අද ඔබ එක!
      මගේ සුබ පැතුම්. ඇයි සිල් ගන්න ගියේ නැතෙයි?

      Delete
    2. සිල් ගත්තේ නෑ... පොඩි කොටයක් තිබිලා සීල් ගත්තා.
      සෙන්ටිමීටරයක් දෙන්න ද ?

      Delete
    3. පිස්සුද හලෝ?
      මේ මැදින් පුර පසලොස්වක පෝය දවසේ?
      ඔහේ නං අපාය සහාය මිත්‍රයෙක්!
      http://kathandara.blogspot.com/2010/05/blog-post_22.html

      !

      Delete
    4. ඕකනේ ඉතින් බැරි..
      බොන්නත් ඕන. ඒත් පෝය නිසා බොන්නත් බෑ.
      හරි අපි වෙන දවසක සෙන්ටිමීටරේ අඟල කරලා ගහමු.

      Delete
    5. අපිනං පන්සිල් ගන්න එකයි කලිසං ඇදං පන්සල් යන එකයි නවත්තලා ගොඩක් කල්

      Delete
    6. @ Naleen Dilruksha
      ඒ කියන්නේ දැන් ඇඳුම් නැතුවද පන්සල් යන්නේ? බුදු අම්මෝ!
      අර කැපිටල් අකුරෙන් කමෙන්ට් කරන අංකල් දැක්කොත් මොනවා නොකියයිද?

      Delete
  2. YALUWO DANNNA WADA HALF DAY EKAK DAANNA SIDDA UNA HETHUWA, KIYANNATH LAJJAI, JOKA IRUNA, EETA PASSE CHOO, PADA, JEE, GIYA, EKA PALIYE THIBBA NISA SUKRATH GIYA, DAN MEKA MAGE HONDAMA YAHALU RASIKA MAHATTAYATA RAHASEN KIWWA. BADUMA THAMA.

    ReplyDelete
  3. 'හාෆ් ඩේ එකක් දැම්මෙමි' කියන එකත් ලිපියක් ලෙස ඉදිරිපත් කරන්නට තරම් මාතෘකා අතින් දුප්පත් වුයේ ඔබ මාතෘකා නෂ්ඨකාමයෙන් හෝ අදහස් ද්වජභංගයෙන් පෙලෙන නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ නොදැනුවත් කම නිසා මේ කමෙන්ටුව දමා ඇතැයි සිතමි.

      බ්ලොග් යනු වෙබ්+ලොග් ය. එනම් වෙබ් එකේ තබනා සටහන් ය.
      http://en.wikipedia.org/wiki/Blog

      මා දවස ගත කළ හැටි මගේ බ්ලොග් එකේ නොදමා ඔබේ බ්ලොග් එකේද දාන්නේ?

      දැන් ඔබේ බ්ලොගයේ දාන්නට ඔබ අදහස්වලින් පිරී ගොස් නිකං ක්‍ෂණික මෝචනය වගේ දවසට දෙතුන් පාර පෝස්ට් වැටෙනවා ඇති නේද?
      http://kathandara.blogspot.com/2012/06/misfired.html

      Delete
    2. කකා මේක හොද පිළිතුරක්.
      තර්කානුකූලයි. අලංකාරයි. හාස්‍යජනකයි. අදෝමැයි.

      Delete
    3. සියුම් අරුත් තේරුම් ගත්තානම් ඇනෝ එහෙම කියන එකක් නැ.

      Delete
    4. කුමක් හෝ වින්දනාත්මක දෙයක් හෝ දැනුමට යමක් හෝ එකතු කරනවා විනා මෙවැනි රුපියල් දෙකයි සත පනහේ පෝස්ට් දැමීමෙන් අපට නම් වැඩක් නැත. ඔබ දමන අනියම් නිවාඩුවෙන් අපට කුමන නම් පලක් ද ?

      මුල් කාලීනව ඔබ ලියූ පෝස්ට් හා මෑත කාලීන පෝස්ට් නැවත කියවා බලන්නැයි මා ඔබට ආරාධනා කරන්නෙමු. එම පෝස්ට් අතර පරතරය අහසයි පොලවයි වැන්නකැයි මා වැනි ඇනෝ පාඨකයින්ට සිතේ. ඒ කිම්දයත් මුල් කාලීන පෝස්ට් කියැවීමෙන් විනෝදයට හෝ දැනුමට යමක් එකතු වේ. නමුත් මෙවැනි පෝස්ටු තුලින් ගත යුත්තක් නොමැති අතර නිරපරාදේ අන්තර්ජාල දත්ත සඳහා බිලක් වැය වීම පමණක්මැ සිදු වේ.

      ආනන්දෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් වන ලිපියක් හෝ දැනුමට යමක් ලියන්නැයි මා ඔබට ආරාධනා කරමි.

      -මුල් කමෙන්ටුව දැමූ ඇනෝ.

      Delete
    5. හිතවත් ඇනෝ

      මගේ මේ කතන්දරයෙන් ඔබට සිදු වූ අයහපත ගැන මට සමාවෙන්න. මා එවැනි අයහපතක් කිරීමට අදහස් කලේ නෑ.

      මද ඔබද දිය හැකි ලේසිම පිලිතුර නම්, මගේ ෆොෆයිල් එකේ මා 2009 ජූලිවල සිටම අද දක්වා පෙන්වා ඇති පරිදි මා මේ බ්ලොග් එක ඇරඹුවේ මං කැමති කතන්දර ලිවීමටය කියන කරුණයි.

      නමුත් මට ඊට වඩා වැඩි දෙයක් කියන්නට තියෙනවා.

      අප එකිනෙකා ගේ රස විඳීම, රුචි අරුචිකම්, අදහස් එකිනෙක වෙනස් නේ. නමුත් සමහර වෙලාවල මේවා සමපාත වෙනවා. ඔබ කැමති වී ඇති මගේ කතන්දර ඒ ආකාරයට අප දෙදෙනාගේ අදහස් සමපාත වු අවස්ධා ලෙස කියන්න පුළුවනි.

      අද එසේ නොවේ. හෙට යලි එසේ වීමට ඉඩ ඇත. එසේම අප දෙදෙනා දැනට ගමන් කරන්නේ එකිනෙකට ප්‍රතිවිරෝධී දිශා දෙකක, මාන දෙකක නම් අපේ වින්දනය නැවත සමපාත නොවන්නටද ඉඩ තියෙනවා.

      මෙන්න මේ කතන්දරය බලන්න.
      http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html

      මේ අද ඔබ අකමැති මගේ "හාෆ් ඩේ එකක් දැම්මෙමි" පෝස්ටුවේ අන්තර්ගත වී ඇත්තේ මගේ අවංක අත්දැකීම් සහ අදහස්වල එකතුවකි. ඒ ගැන වෙනම කමෙන්ටුවක් දාන්නම්!

      ඔබ කියන පරිදි ඔබේ උසස් රස මට්ටමට ගැලපෙන කතන්දර පමණක් ලියන්නට ඇත්තම් අගෙයි. නමුත් එකම ප්‍රශ්නය තමයි මේක ලියන්න ඉන්නේ මං විතරක් වීම. මෙහි පල කෙරෙන සියල්ල මගේ
      පුද්ගලික සීමාවන් වලට වඩා ඉහලට යන්න බෑ.

      කෙසේ වෙතත් ඔබට ඉතා ස්තුතියි.

      ඔබේ අදහස ඇත්තටම මට ඉතා වැදගත් එකක් වුණා!

      Delete
    6. මේ කතන්දරයේ ඇතුලත් මට වැදගත් දේවල් මෙසේය.

      1. නොගන්නා ලෙඩ නිවාඩු සඳහා පඩි ගෙවන නිසා එදා අපි ලෙඩ නොවී සිටිය හැටි

      2. අද පවුලේ, නිවසේ වැඩ නිසා අපට නිතරම නිවාඩු දාන්න වෙන හැටි

      3. අවුරුදු ගණනාවක් තුල ජීවිතය වෙනස් වුණු හැටි

      4. කරන රැකියාවේ ස්වාභාවය අනුව නිවාඩු දැම්මත් වැඩ අඩු නොවෙන නිසා ආපසු වැඩට ගිය පසු ඊයේ කළ හැකිව තිබූ වැඩ කොටසත් කරන්නට වෙන හැටි

      5. ප/ලි යේ ඇති අමතර ටිට්-බිට්ස්

      Delete
  4. from 6 - 10 am. - comments 0 = how poor is this blogger.

    ReplyDelete
    Replies
    1. ඔහේට මං උදේ හතට වැඩට ඇවිත් පැයෙන් පැයට අප්ඩේට් දෙන්න කියල නේද කිව්වේ?

      මින් පසු මීට වඩා පිළිවෙලට වැඩ කරන්න ඉගෙන ගන්න.

      Delete
  5. 6.00 am till 12 noon no comments.

    ReplyDelete
    Replies
    1. කෝ හලෝ උදේ එකොලහට දෙන්න කියපු අප්ඩේට් එක?

      ඔහෙත් ගියාද පන්සල පැත්තේ අද පෝ දවසේ සිල් දානේ හොරෙන් කන්නවත්?

      Delete
  6. නිවාඩු ගොඩක් ඕනි නම් ඉන්ට තිබුනේ ලංකාවේ. දවස් 365 න් දවස් කීයද මන්දා කට්ටිය වැඩ කරන්නේ. ඒ කරලත්, වැඩ වැඩී මහන්සියි කියනවත් එක්ක...:)

    ඇත්තටම අද ඔයා හාෆ් ඩේ ගියාද? :D

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. අද පෝය දවසේ ඇයි බොරු කියන්නේ?

      Delete
    2. මාසෙට දවස් 29ක්ම මුචලින්ද නාගරාජයන් අරින එකේ මේ පෝයට විතරක් මොකෝ කතා විසෙසක්?

      Delete
  7. 6.00 a.m. - 2.15 pm. comments 0 - kakama ano comments tikkak da gathatha nam honda nedda.

    ReplyDelete
    Replies
    1. මං මොකටද, ඔය ඔහේ ඉන්නේ ඒ ජොබ් එක කරන්න.

      Delete
  8. හප්පේ මිදි යුෂ ටිකක් බොන්න ඇත්නම් මක් කොරන්න බැරිය.. මම හිතුවා සිල් ගන්න වත්දෝ කියලා...

    ReplyDelete
    Replies
    1. බසින් පාලි අපි පන්සිල් පද කියමු
      සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
      උදෙන් සිල් ගනිමු හවසට වයින් බොමු
      කටෙන් දිවෙන් නොම ගෑවෙන බොරු කියමු!

      Delete
    2. ඉතින් මේ වගේ කවි ලියන්නකෝ අනේ.. හස්තද්වාරණයෙන් ඒවාට වඩා පට්ට රහයි...

      Delete
    3. මිදි යුෂ රතු එකද සුදු එකද ගත්තේ. මං නං ආස රතු එකට.

      Delete
    4. @ නලීන්
      රෝස පාට ඒවත් තියෙනවා!
      ඇයි කහපාට ඒවා?

      Delete
  9. කතන්දර හාෆ් ඩේ එකක් දාන කොට මම හාෆ් සෙන්චරියක් දාලා ඉන්නේ.......පුලුවන් උනොත් හැන්දෑවට හාෆ් එකකුත් දා ගන්නවා,,,,,,,

    ReplyDelete
  10. මේක ඊයෙ ලියපු එකක්යැ?

    මට නම් ඉතින් නිවාඩු දවසට තමයි වැඩ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක ඊයේ එකක්. අද ඉතිං පෝය දවසේ බරටම වැඩ ඇති නේද?

      Delete
  11. මං වැඩ කරපු කාර්යාලයක බොස්, කවුරු හරි අසනීපයි කියපු ගමන් “නිවාඩු ගන්න, හොඳ වෙලා ම වැඩට එන්න“ කියල නිවාඩු දෙනවා. බැලින්නම් ලෙඩ වෙච්ච කෙනාට අනුකම්පාවට නෙවෙයි අනෙක් අයට ලෙඩ බෝවෙලා හැමෝ ම නිවාඩු දායි කියන බයට.

    ReplyDelete
    Replies
    1. අපේ කොම්පැනියේත් ප්‍රතිපත්තිය ඒක තමයි. හැබැයි අවුරුද්දට ලෙඩ නිවාඩු සහතික එක්ක වුනත් දහයට වඩා ගත්තොත් කේස්.

      Delete
  12. 1. මමත් නිවාඩු දාන්න අකමැති ප්‍රධානම හේතුවක් තමයි පහුවදාට ඔය කියන පරිප්පුව කෑම. සමහර විට පොළියත් හම්බ වෙනවා. ඒ කියන්නෙ මං නිවාඩු දාට වෙන එකෙ‍ක් ඇවිත් වැඩ ටික අනල තියන්නත් ඉඩ තියනවා.

    2. // "සියේට දහතුන හමාරක් වුණාට//
    සියේට හතළිස් තුනේ එකට බාගෙට බාගයක් ෂැන්ඩි (වතුර හරි ස්ප්‍රයිට් හරි) දාපුවාම සියේට විසි එක හමාරයි. ඒකෙන් කාලක් වෙනුවට සියේට දහතුන හමාරෙන් බාගයක් ගැහුවම බඩු වැඩිත් එක්කලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි, නිවාඩු ගන්න දවස්වල තියෙන මීටින්වලදී සෙට් වෙන වැඩ නිවාඩු අයට වැටෙන්නේ නැති එක ලොකු දෙයක්.

      Delete
    2. 2. ඒ වුනාට මිදි වගේද ළමයෝ බාර්ලි?

      Delete
    3. @Mobileman,අනුමාපන, ප්‍රමාණාත්මක විශ්ලේෂණ, ගේලුසැක් නියමය, ?????

      Delete
  13. කක්කෝ....
    කෝ මේකා
    පිස්සු හැදිලවත්ද ?

    ReplyDelete
    Replies
    1. අද පෝය දා ඔහේට නං පිස්සු තදවෙලා වගේ!

      Delete
  14. මාත් මේ දවස්වල annual leave ,හෙට වැඩට ගියාම තමා රගේ තේරෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇනුවල් ලීව් ගියාම නං ආපහු ඬැඩට ගිල් මුල් දවසත් නිකං ලීව් වගේ තමයි මට නං!

      Delete
    2. අපි කියන්නෙ නම් අනිමල් ලීව්.. මොකෝ ඇනිමල් වැඩ නේ ඒ ටිකේ කරන්නේ...

      Delete
  15. මංගල දැන්වීමකි.
    ගලහිටියාවේ වෙසෙන සිංහල බොදු උගත් දෙමව්පියෝ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි 28 වියැති 5'4'' කඩවසම් උගත් දුසිරිතෙන් තොර ඉංජිනේරු පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් සොයති. කුජ ශනි යෝග ඇත. සියලු විස්තර කේන්ද්‍රය දුරකථන අංකය සමග අමතන්න.

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    ReplyDelete
  16. මන් හිතුවා කකා වේලාසන ආව නිසා කකාම විදුලි උපකරණෙ හැදුවා කියලා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද කොල්ලෝ... කකා ඉන්නේ ඒවා හදන්න යෑ.

      Delete
    2. @ මඩිස්සලේ නිශාන්
      මේක වයරින් වැඩක්. ලයිෂන් තියෙන පොරකටම කියලා කරවා ගන්න එක ඇඟට ගුණයි.

      Delete
  17. උදේ හොඳ පිං වැඩක් කලා දානයක් දුන්නා හාමුදුරුනමකට,හවසට සියේට හතළිස් තුනකින් පොඩ්ඩක් ගන්නයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං අර උදේ පින්ටික හවස පවෙන් බ්ලාස් වෙලා ගියා නේද?

      Delete
  18. හ්ම්ම් හ්ම්ම්..නිවාඩු දාන්න ගිහාම ඒකටත් ඇබ්බැහි වෙනවා නේද කකා මහත්තයෝ....

    ReplyDelete
    Replies
    1. පවුලේ චැඩවලට ප්‍රධාන තැන දෙන්න ඕනෑනේ!

      Delete
  19. "කොහොමටත් ඒ දවස්වල මං යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු දෙකක්වත් නොගිය කොල්ලා!" ඒ කියන්නේ කකා ගියේ සිරි ලංකාවේ යුනිවසිටි එකකට නෙවේද? නැත්තන් හැම පන්තියකදිම ඩබල් ප්‍රමෝෂන් ලැබිලා කලින් යුනිවසිටි ගියාද? ඒ දවස්වල......එක්කෝ ඕන නැ ...:)

    ReplyDelete
    Replies
    1. පුතා මෙහෙමයි, කසාද බැඳලා තාත්තා කෙනෙක් වෙන දවස වෙනකම්ම කොල්ලා කියලා තමයි හිතෙන්නේ.

      ඔබේ කමෙන්ටුවෙන් තේරෙන්නේ ඔබ තවම ඒ අත්දැකීම ලබා නැති බවයි. ඔය උපුටා1 දක්වා ඇති වාක්‍යයේ සඳහන් කාලයේ මගේ වයස අවුරුදු විසිපහකි.

      Delete
  20. මට නං ඉතින් හිතේ සැනසිල්ලෙන් නිවාඩුවක් ලැබෙන්නේ සිංහල අවුරුද්ද දවසට විතරමයි. සෙනසුරාදටත් නිවාඩු වුණාට වැඩ දවසක් අතර වෙනසක් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. ඔවු එතකොට පුලුවන් නේ රජ පවුල අවුරුදු සමරන හැටි බලන්න.

      Delete
  21. me gon katha liyana ekata wada balana un gonnu.

    ReplyDelete
    Replies
    1. දැනට ගොන්නුන් ගේ පුරප්පාඩු නැති බව කණගාටුවෙන් දන්වමි.

      අවශ්‍යනම් වෙනත් සත්ව තනතුරක් සඳහා ඔබේ ඇයදුම්පත සලකා බැලිය හැක.

      වැඩි විස්තර සඳහා:
      http://kathandara.blogspot.com/2012/12/song-from-yesteryear-about-sinhala.html

      ඔබේ ඇයදුම්පත මේ ලිපියනට එවන්න: kathandara@gmail.com

      Delete
  22. ඉතිං ඔයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නේද? එහෙ පීසා හට් වගේ තැනක වැඩට ගියත් එච්චරයි. හාෆ් ඩේ එකට අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. බැංකුවක කවුන්ටරේ වැඩ කළත් පහුවදාට අර ඉයේ කස්ටමර්ස් ලා නෑ නේද?

      Delete
  23. මගේ පෝය දවස ගෙවුණු විදිය ගැන මම අද ලියල දැම්මා... කිතුනු උණත් ඔන්න මමත් ඊයෙ පන්සල් ගියා.. තව පින් අතේ වැඩ ටිකක් කළා...
    ඔෆීසියෙ වැඩ ගෙදර නොගෙනෙන කාරණයට නං මමත් එකගයි...

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබේ ලිපියේ ලින්ක් එකක් මෙතන නොදැම්මේ? දැන් මේක බලන අයට දෙතුව් තැකන් ක්ලික් කරන්න වෙනවා ඒ ලිපිය කියවන්න. පසුව බලන අයට තවත් අමාරුයි!

      Delete
    2. මෙන්න තරුරසී ලියූ "මිලාන නෙතගට හිනාවක් ගෙනෙන්නට" නම් වූ ලිපිය.

      මෙය මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නෑ. ඔබේ RSS Feed වල ප්‍රශ්නයක් විය හැක.

      http://tharurasi.blogspot.com/2013/03/blog-post_27.html

      Delete
    3. ස්තුතියි... ලින්ක් එක දැම්මට.... කමෙන්ට් කරන අය මගේ බ්ලොග් එක පැත්තෙ ඒවි කියල මං හිතුවෙ නැහැ... ප්රපශ්නෙ විසදගන්නෙ කොහොමද කියල මං දන්නෙ නැහැ... අනික එහෙම අවුලක් ඇති කියල මං දැනගෙන හිටියෙත් නැහැනෙ... බලන්නම් හොදේ...

      Delete
  24. ඕස්ට්‍රේලියාවේ නේද ඉන්නේ? පීසා හට් එකේ වැඩ කරත් එරියස් නැනේ. :)

    ReplyDelete
    Replies
    1. ඒ වගේද කෝච්චියක් එලවන්න තියෙනවා නම්?

      Delete
  25. KAKKO kewada Piduru.

    ReplyDelete
  26. සරසවියගේ ඉන සැඟවූ යතුර අරන්
    ඇඟේ නිවහනේ තඩි පිත්තල ඉබ්බා ඇරන්
    මගේ හිස ඇඟේ මුදු ලැමට තුරුලු කරන්
    හිටිවන කවි කියන්න මට දෙන්න වරන්

    -හුරතල් ඇනී-

    ReplyDelete
  27. දැන් බැංකුවල මැනේජර මහත්තුරුන්ට හෙම අනිවාර්ය නිවාඩු තියෙනවා...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.