Friday 13 June 2014

සිංහල ළමයින් ට දෙමල ආරේ නම්? - Is this a new trend?


ළමයින් ගේ නම් ගැන මං මීට කලින් කතන්දර කීපයක්ම ලියලා තියෙනවා.

ඒවායින් මං කැමතිම කතන්දරයක් තමයි අර එක පවුලක මුලින් උපන්න කෙල්ලෝ තුන්දෙනාට නියම ලස්සනට රයිම් වෙන නම් දාපු දෙමව්පියෝ හතරවෙනියා පුතෙක් වුනාම ඒ තමන්ගේ නීතිය තමන්ම කඩලා අංජබජල් නමක් දාපු කේස් එක.

නම් ගැන කතාකරන කොට සිංහල අයට සාමාන්‍යයෙන් වාසගමක් කියලා එකක් තියෙනවා නේ.

අපේ තාත්තලා ගේ සහ ඊට උඩ පරම්පරාවල මේ වාසගම ආවේ සාමාන්‍ය ක්‍රමයට නමේ මුලටයි. අපේ කාලේ වෙනකොට ඒක ඉංගිරිසි ක්‍රමයට නමේ අගට එකතු වුණා. සමහරු තාමත් මුලටයි අගටයි දෙකටම පාවිච්චි වාසගම කරනවා.

ඒ එක්කම පෙරේරා, සිල්වා යනාදී විදේශීය නම් ගත්තු පවුල්වල අයටත් සාමාන්‍යයෙන් වාසගමක් එහෙමත් නැත්නම් පෙළපත් නමක් තියෙනවා.

එන්. එම්. පෙරේරාට තිබුණා, නලින් ද සිල්වාටත් ඇති.

කොටින්ම ඊලියන් ද සිල්වා ගේ මල්ලී ටයිටස් තොටවත්ත වෙන්නේත් ඒ හින්දානේ.

ඒ කොයිහැටි වුණත්, මං මේ මෑත කාලයේ දැකපු දෙයක් තමයි අපේ තරුණ පිරිස් තමන්ගේ වාසගම නැතිනම් පෙළපත් නම නමේ මුලිනුත් අගිනුත් දෙකෙන්ම හලා දාලා නිකං "පියදාස සිරිසේන" ලා වෙලා තියෙන බව!

මේක පටන් ගත්තේ ලසිත් මාලිංග වගේ වයසේ ඉන්නා අය විය යුතුයි.

ලසිත් මාලිංග ඇරුණාම, අද ඉන්නා ක්‍රිකටර්ස්ලා ගෙන් දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද්, අශාන් ප්‍රියන්ජන්, සුරංග ලක්මාල් වගේ සෑහෙන්න පිරිසක් මේ මුල් නම් දෙකේ වාසගම් නැති "පියදාස සිරිසේනලා" වෙලා!

ඒ විතරක් නොවෙයි, මං මේ ගිය සතියේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ කෑල්ලක් බලන වෙලාවේ තමයි දැක්කේ, එතැන අද ඉන්න පස් හය දෙනාගේම නම් මේ වගේ නේද කියන එක!

හර්ෂ ධනෝෂ්, චමිල මධුෂාන්, ලහිරු ප්‍රභාත්, ගයානි කෞශල්‍යා, විශ්මිත සචින්තන!

ඒ කියන්නේ හයෙන් පහක්ම නම් දෙකේ ඈයෝ.

සිංහල ක්‍රමයට තියෙන වාසගම පවුලේ ඉස්සරහට අරගෙන ගියාට, දෙමල නම් තැබීමේ ක්‍රමයට අනුව හැම තිස්සේම තාත්තාගේ නම තමයි ළමයින් ගේ මුල් නම වෙන්නේ. ඒ අනුව පෙළපත් නමක් ඉස්සරහට යෑමක් නෑ.

දැන් මට ආපු ප්‍රශ්ණය තමයි:

ඔය "සුරංග ලක්මාල්" වගේ නමක් තියෙන කොල්ලෙක් තාත්තෙක් වුණු දාට තමන්ගේ පුතෙකුට "විහඟ ලක්මාල්" වගේ නමක් දාලා, ලක්මාල් කියන නම වාසගම වගේ ඉස්සරහට ගෙනියයිද, නැතිනම් "ලක්මාල් විහඟ" වගේ නමක් දාලා සාමාන්‍ය දෙමල සිරිත අනුව රෝල් වෙවී යන නම් ක්‍රමයට එකතු වෙයිද කියන එක!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මා ලියා ඇති නම් පිළිබඳ කතන්දර

1. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!
http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

2. පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!
http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

3. පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක්
http://kathandara.blogspot.com/2009/12/kathandara.html

4. බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස
http://kathandara.blogspot.com/2009/12/ii.html

5. අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර
http://kathandara.blogspot.com/2009/12/blog-post_30.html

6. ආච්චි ලා ගේ බබා ලා ගේ නම්
http://kathandara.blogspot.com/2009/12/iv.html

7. පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) - Naming Kittens (with examples)...!
http://kathandara.blogspot.com/2014/03/come-see.html

8. ඔය කලිසමේ නම මොකක්ද?
http://kathandara.blogspot.com/2010/11/blog-post_06.html

9. ඉස්කෝලේ නම හංගන්නේ ඇයි? I have nothing to hide
http://kathandara.blogspot.com/2011/09/i-have-nothing-to-hide.html

10. ස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs
http://kathandara.blogspot.com/2013/11/nepotistic-tribalism-and-obas.html

11. දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!
http://kathandara.blogspot.com/2010/12/dr-hewas-real-identity-revealed.html

12. උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet?
http://kathandara.blogspot.com/2013/08/not-grown-up-yet.html

13. ඔහේලා ගේ තීන්දුව කුමක්ද? (නමක වත) - You are the Jury (name change)
http://kathandara.blogspot.com/2012/05/you-are-jury-name-change.html

14. තඩි ප්‍රියන්ත, ලොකු අතුල සහ හොඳ සුරන්ජිත්
http://kathandara.blogspot.com/2010/03/blog-post_08.html

(image: https://www.youtube.com/watch?v=-Pp6Mdrb7Nk)

126 comments:

  1. එහෙනම් සජිත් ප්‍රේමදාසට "රනසිංහ සජිත්" කියල දැම්මනම් කොහොමද

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාසගේ ඔරිජිනල් නම "රණසිංහ ප්‍රේමදාස" නෙවෙයි, "රංහින්නගේ ප්‍රේමදාස".

      Delete
    2. නලියා ඇනෝ ඇවිල්ලා.

      Delete
    3. නෑ මචං මේවට ඇනෝ එනේනේ මොකටද?

      Delete
    4. ඒ කියන්නේ ඕන වෙලාවට ඇනෝ එනවා කියලා නේද ? ගූතලන්ට කැරකිලා වැටෙන්න දෙන්නේ එහෙම ඇවිත් නේද ?

      Delete
    5. මගේ ආච්චී ගේ වාසගමත් රණසිංහ, ඇය ඉපදී ඇත්තේ 1903 දී වුණත් ඇගේ නමේ රණසිංහ යන නම තිබුණේ අගටයි. සමහර විට ඒ කාලේ කොළඹ පැවති ක්‍රමය අනුව විය යුතුයි.

      නමුත් මගේ සීයා ගේ වාසගම තිබුණේ නමේ මුලට නිසා තාත්තාත් ඒ විදියට නමේ මුලට වාසගම පාවිච්චි කළා.

      රණසිංහ වගේ වාසගමක් නමක මුලින් "රණසිංහ ගේ" යනුවෙන් යෙදෙන්නේ නෑ. සාමාන්‍යයෙන් තියෙන්නේ රණසිංහ ආරච්චිගේ කියායි මා දන්නා තරමට.

      Delete
  2. හොඳට කල්පනා කරන්ට ඕනි ප්‍රශ්නයක්!!! :D:D

    ReplyDelete
    Replies
    1. මොනවා කල්පනා කරන්නද පො.කු?

      Delete
  3. ලියන්න දේවල් නෑතිව වේලෙන මිනිහෙක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට අපේ මාතලන් ලොක්කා. ලියන්න ඕනැතරම් දේවල් තියෙනවා. ලියන්න දෙයක් නැත්නම් ලොන්ත බ්ලොග් එකක් හරි ප්‍රමෝට් කරනවා.

      Delete
    2. ටැප් වතුර නාන එවුන්ට මම නාන්නෙ ඇලෙන් කියලා මැජික් වගේ ඇති නේද? මමත් පටන්ගන්නවා ගැමි බ්ලොගක්. කරාමෙන් නාලා ඇලෙන් නෑවා කියලා ලියනවා. දවල්ට දඩමසුයි වැලි තලපයි කන හැටි ලියනවා.

      Delete
    3. බොරුව හරි හරියට ලියපන් එතකොට උඹලට හිට්ස් කොමන්ට් වැටෙයි.පුක නොදී පලයල්ලා වේ** පුතාලා.කුහක කමත් ගානකට තියාගනිල්ලා.

      Delete
    4. @ Anonymous 13 June 2014 07:41

      තව දුරටත් නම් ගැණ ලියන්න ගියොත් නම් වෙලෙන්න වෙනවා තමයි. මොකද දැන් ඒ කතන්දර සේරම ලියලා හමාරයි.

      මෙන්න කලින් ලියූ නම් ගැන කතන්දර ලයිස්තුව යලිත් ඔබේ පහසුව සඳහා.

      1. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!
      http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

      2. පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!
      http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

      3. පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක්
      http://kathandara.blogspot.com/2009/12/kathandara.html

      4. බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස
      http://kathandara.blogspot.com/2009/12/ii.html

      5. අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර
      http://kathandara.blogspot.com/2009/12/blog-post_30.html

      6. ආච්චි ලා ගේ බබා ලා ගේ නම්
      http://kathandara.blogspot.com/2009/12/iv.html

      7. පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) - Naming Kittens (with examples)...!
      http://kathandara.blogspot.com/2014/03/come-see.html

      8. ඔය කලිසමේ නම මොකක්ද?
      http://kathandara.blogspot.com/2010/11/blog-post_06.html

      9. ඉස්කෝලේ නම හංගන්නේ ඇයි? I have nothing to hide
      http://kathandara.blogspot.com/2011/09/i-have-nothing-to-hide.html

      10. ස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs
      http://kathandara.blogspot.com/2013/11/nepotistic-tribalism-and-obas.html

      11. දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!
      http://kathandara.blogspot.com/2010/12/dr-hewas-real-identity-revealed.html

      12. උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet?
      http://kathandara.blogspot.com/2013/08/not-grown-up-yet.html

      13. ඔහේලා ගේ තීන්දුව කුමක්ද? (නමක වත) - You are the Jury (name change)
      http://kathandara.blogspot.com/2012/05/you-are-jury-name-change.html

      14. තඩි ප්‍රියන්ත, ලොකු අතුල සහ හොඳ සුරන්ජිත්
      http://kathandara.blogspot.com/2010/03/blog-post_08.html

      Delete
  4. අපේ නම් තාත්තා ගේ නමේ කැල්ලක් තියෙනවා,එ වුනත් පරම්පරාවට යම් නමක් තියේ නම් එක ඉදිරියට එනවා මගේ නම් අත්දැකීමෙන්

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පරම්පරා නම ඉදිරියට ගෙන යාම නිවරදි සිංහල ක්‍රමය කියායි!

      Delete
  5. කකාටත් තියෙන ප්‍රස්න

    ReplyDelete
    Replies
    1. තුන්වන ලෝකයේ ප්‍රශ්ණයක් ද?

      Delete
  6. /දැන් මට ආපු ප්‍රශ්ණය තමයි:

    ඔය "සුරංග ලක්මාල්" වගේ නමක් තියෙන කොල්ලෙක් තාත්තෙක් වුණු දාට තමන්ගේ පුතෙකුට "විහඟ ලක්මාල්" වගේ නමක් දාලා, ලක්මාල් කියන නම වාසගම වගේ ඉස්සරහට ගෙනියයිද, නැතිනම් "ලක්මාල් විහඟ" වගේ නමක් දාලා සාමාන්‍ය දෙමල සිරිත අනුව රෝල් වෙවී යන නම් ක්‍රමයට එකතු වෙයිද කියන එක!/

    ලක්මාල් කන්දෙවිදානගෙන් තමයි අහන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. කන්දෙවිදානගෙන් අහල වැඩක් නැ , ඉන්නේ කෙල්ලොම දෙන්නෙක්

      Delete
    2. අටම් ++++++++++++++++

      Delete
    3. තව පාරක් ට්‍රයි කරපන් බන්.

      Delete
    4. උදව්වක් හෙම ඕනැ නම් කියන්න.

      Delete
    5. සේරම වැඩ පැත්තක තියල උඩ ලින්ක් එක දිගේ දිවුව. ඒ කතාව කියෝල දාන්න හිටි කමෙන්ට් එකත් අමතක උනා කියන්නකෝ ඉතින්.

      Delete
  7. /එන්. එම්. පෙරේරාට තිබුණා, නලින් ද සිල්වාටත් ඇති./

    ඔහුගේ විකිපීඩියා පිටුවේ තියෙන හැටියට නලින් ද සිල්වාගේ සම්පූර්ණ නම Thakurartha Devadithya Guardiyawasam Lindamulage Nalin Kumara de Silva ය.

    ReplyDelete
    Replies
    1. ඔය වාසගමින් හොයන විට මේ ටිකත් අහු විය.

      "Green Bank" Moratuwa of Dr Joseph Sebestian (son of Thakura Artadeva Aditya Guardiyawasam Lindamulage Jacob de Silva) & Gala Lily Beatrice, daughter of John Clovis de Silva) de Silva and family

      Source: http://karava.org/karava_mansions

      බලාගෙන යන කොට නලින් ද සිල්වාත් ඔරිජිනල් කරාව ප්‍රභූ පොරකි.

      Delete
    2. නාථ දෙයියන්ගේ වාසගම දන්නවාද?

      Delete
    3. ඕ යේස් "අනාථ"

      Delete
  8. කකා මගේ පුතා දිණුම් ලියපු වෙලාවෙ මගෙන් මේ ප්‍රශ්නය අහල තිබ්බා
    මගේ නම වුණත් තාත්තා දාපු විදිහට නෙමෙයි ප්‍රසිද්ධ වුණේ යම් තරමකට හරි.තාත්තා නම දාලා තියෙන්නෙ තාත්තගෙ මිත්‍ර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්ගෙ සහ කලාකාරයෙක්ගෙ නමෙන් කෑලි අර ගෙන.මම ඒක හලල නිශ්මං කියලා ලියන කොට අම්මට ටිකක් රිදුණා.තාත්තා කිව්වෙ නැහැ ඒකට කමක් නැහැ.එයා මොටද අපි කැමති නමෙන් ඉන්නෙ.එයා ඉන්න ඕනි එයා කැමති නමකින් කියලා.තාත්තා ඇත්තටම ඒකට කැමති වුණා.කකා ගත්තත් ඒක එහෙම වෙයි.අද කතන්දරකාරයා කිව්වම බ්ලොග් කේෂ්ත්‍රයෙ නොදන්න කෙනෙක් නැහැ.ඒ වගෙම ලොකු ගෞරවයක්.මේක කකාගෙ තාත්තට වාසගම නමට වඩා දරුවා සහ සිය ලේ ගැන සතුටු වෙන්න ප්‍රමාණවත් වෙයි කියලයි මට හිතෙන්නෙ.පරපුර මුලින් සදහන් වෙනවනේ.
    .................. ගේ වගේ කෑල්ලක් ඇවිත් නෙ නම එන්නෙ.ඒ වාසගමට අමතරව ආයෙමත් වාසගමේ කෑල්ලක්වත් පියාගෙ නමේ කෑල්ලක්වත් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ.
    දරුවන් එතන ඉදලම නිදහස් කරලා දැම්මොත් හොදයි කියල මට හිතෙනවා.වාසගමට වඩා නමට අනන්‍යතාවයක් නිර්මාණය කර ගන්නා දරුවෙක් වටිනවා කියලා මට හිතෙනවා.ඒ වගෙම අතිශයින් පෞද්ගලික මේ කාරනයෙ ඒ ගැන හැමෝටම තමන්ට කැමති විදිහට හිතන්න තියෙන නිදහසටත් මම 100% ගරු කරනවා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පරම්පරා නම ඉදිරියට ගෙන යාම නිවරදි සිංහල ක්‍රමය කියායි!
      නමුත් ඉතිං තමන්ගේ මට්ටම් තම්මට්ටම් තමයි!

      Delete
  9. ඒකත් මාර ප්‍රශ්ණෙ. පෞද්ගලිකව මම පවා භාවිතා කරන්නෙ උප්පැන්නෙ තියෙන නමෙන් මට කැමති නම් දෙක. වාසගම භාවිතා වෙන්නෙ සම්පූර්ණ නම යෙදිය යුතු අවස්ථා වලදි පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මගේ ප්‍රශ්ණයත්, දැන් දරුවන්ට නම් දාන කොට තමන්ගේ නමක්ද වාසගම විදියට දාන්නේ?

      Delete
    2. හ්ම්ම් නෑ කකා, මගේ දුවට නම තිබ්බෙ මගේ වාසගම එක්ක. ඉස්සරහට පුතෙක් හම්බ උනත් තියන්නෙ වාසගමත් එක්ක.

      ඒත් බොහෝ විට ඒ අයත් දෙවනි නම් දෙක විතරක් භාවිත කරයි. වාසගම නෛතික කටයුතු වලදි පමණක් යොදා ගනීවි. අපි වගේම.

      Delete
  10. බ්ලොග් ලියන අයත් ඉන්නේ වැඩිය වාසගම පාවිච්චි නොකරන...

    නලින් දිල්රුක්ෂ
    ප්‍රගීත් අනුරාධ
    චතුෂ තුෂර කුමාර
    අපූර්වි ඔමායා
    යශෝදා සම්මානි
    චතුරංග ප්‍රියසාද්

    එතකොට..

    ඉන්දික උපශාන්ත

    ReplyDelete
    Replies
    1. තිසර මං දැන් වාසගම විදියට බ්ලොගේ නම දාල තියනවා දැක්කේ නැද්ද ඒක..

      Delete
    2. ඊට වඩා ලස්සනයි නලීන් දිල්රුක්ෂ වකපුටේ කියලා දැම්මා නම්

      Delete
    3. හා මචං... ඒ පැත්තේ වරෙන්කෝ ඒක වටිනවා..

      Delete
    4. කොයි පැත්තෙද මචං? ලේක් හවුස් එක පැත්තෙද? අපෝ බෑ. ඕකෙ ඉන්න හොරු ටික ගැන දන්නවා.

      Delete
    5. “නලින් දිල්රුක්ෂ සමරනායක“

      Delete
    6. +++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. කවුද බං මේ මල්මි හි... අනේ දරුවෝ හරියට කියවලා වරෙන්කෝ. කෙන්ජයියා මොකටද මේ වැට ගැහුවේ.

      Delete
    8. @ Anonymous13 June 2014 14:11
      මචෝ ඕකේ ඉන්න හොරුන්ගෙන් සැහෙන්න උදව් ගන්න හැකියි.

      Delete
    9. ඒ උදව් නැති වුණාට කමක් නෑ. උඹලට නැති වුණාට අපට ලජ්ජාවක් කියල එකක් තියෙනවා.

      Delete
    10. ආ කවුද කිව්වා මචෝ උමෙ ලැජ්ජා බිට් එකේ කියලා

      Delete
    11. @ තිසර -

      ඒ විතරක් නොවෙයි, ඇයි සරත් ලංකාප්‍රිය?

      අනික "තිසර" කියන්නේත් බ්ලොග් කාරයෙක් නම් උන්දෑට තියෙන්නේ එක නමයි නේද, හරියට සුකර්ණො, සුහත්තෝ වගේ?

      Delete
    12. මගේ නම ගොඩක් දිගයි ෆෝර්ම් එකක් පුරවන්න ගියාම ඉඩත් මදි , අම්මට,පුංචිට,මාමට හම්බෙච්ච පළවෙනි චාන්ස් ඒකනේ නම් දාන්න ඉතින් ඔක්කොම නම් ටික මට දාලා ඒ මදිවට තාත්තගේ වාසගම ඉස්සරහින් දාලා අම්මගේ සිල්වා කියන කෑල්ල අගින් එකතු කරලා ...

      Delete
  11. මම අහල තියන විදියට සිංහල දෙමළ ක්‍රම දෙකේම එකතුවක් තමයි රුසියන් නම් තැබිල්ල. ඒක අමුතු විදියකට යන්නෙ.

    කකාගෙ අන්තිම පුරස්නෙ නං තීරණය වෙන්නෙ මෙහෙමයි බොහෝවිට.
    තාත්ත හුඟක් ප්‍රසිද්ධ කෙරුමෙක් නං තාත්තගෙ නම පුතාගෙ වාසගම විදියට යන්න ඉඩ තියනව. අර තාත්තගෙ නමින් බැබලෙන සජිත් ප්‍රේමදාස වගේ!
    ඔය නම් දෙක එන්නත් හේතුවක් තියනව. ඉස්සර වගේ නෙවේ දැං නම් දාන්නෙ කෑලි දෙකකට. ඒ වගේම ඒ දෙකේ යම් තරමකට හෝ ගැලපීමක් තියනව. ඉතිං ඒ නම් දෙක භාවිත‍ා වෙන්නෙ ඒකයි (ඩ්‍රීම් ස්ටාර් ඉන්නෙත් 18-24 වගේ කොල්ලො නෙව!).
    ඒ වගේම ඉස්සර තිබුන කෑලි තුනේ නම් දැන් නෑ. ප්‍රින්ස් උදය ප්‍රියන්ත වගේ.

    ReplyDelete
    Replies
    1. රාජ්, මේක සාමාන්‍ය දෙයක්. අපි හැම එකාම කැමතියි පරිපූර්ණ වෙන්න. අපිට ලඟාවෙන්න බැරිවුන ටාගට් වලට හිතෙන් හරි යන්න. වැඩිපුර කතා කරන එවුන් ලඟ වැඩ නැතිවෙන්න පුළුවන්. මම මේක විග්‍රහ කරන්න කැමති (බුද්ධාගමේ කියපු විදියට) අසීමාන්තික ආශා වල ප්‍රතිපලයක් විදියට. අපිට යන්න බැරිවුන ටාගට් නිතරම අපි ලඟ ඉතිරි වෙනව ඇරියස් එකක් විදියට. උදාහරණටක් විදියට නගරෙ ඉන්න එකා නගරෙ තියන පොල් අතු කඩෙන් බත් කන්නෙ ගමේ ජීවත් වෙන්න බැරිවුන ඇරියස් එක කවර් කරගන්න. ගමේ ඉන්න එකා දුක්වෙන්නෙ නගරෙට යන්න. ආං ඒ වගේ කේස් එකක්.

      Delete
    2. ඇයි ඔය ගෑනු පරාන තමන්ගේ තාත්තගෙයි මහත්තයගෙයි වාසගම් දෙකම ගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වගේ. කවුද එස් බී ද කොහෙද කිව්වා ඕක අගට නානායක්කාරත් දාගත්තනං හරි කියලා ඒ කාලේ.

      Delete
    3. රාජ්, මන් දන්න විදිහට රුසියන් ක්‍රමයට මුලින් තමන්ගෙ නම දෙවනියට තාත්තගෙ පලමු නමෙන් හැදුනු නමක් (Ivanovich = son of Ivan) අන්තිමටම පවුල් නාමයයි එනව .( හැමෝටම නෙමේ )

      ගොඩක් රට වල නම් ඔර්ජිනලි හැදිල තියනව "son of " කියන එකෙන්. ------son (English) Mac----- (Scottish/Irish) , O'----- (Irish),-------- sen/son (Scandinavian) Fitz----- (Norman), Fritz----- (German), Ben---- (Jewish/Arabic)
      ඒත් මන් දන්න තරමට තාමත් පියාගෙ පලමු නම දරුවගෙ වාසගම( අග නම )ලෙස යොදාගන්නෙ අයිස්ලන්තෙ විතරයි ( Olafsen) එහෙ විශේශත්වෙ දියනියන්ගෙ අග නම වෙනස් වෙනව (Olafsdottir)

      Delete
    4. ප්‍රා ජේ..මචං ගුණසේකර ගුණසෝම කොහෙ හරි ලියල තියනවා පානම් පත්තුව ලාහුගල සයිඩ් එකෙත් ඔය පුතාගෙ වාසගම විදියට තාත්තගෙ නම යොදාගන්න සිංහල දෙමල ආදිවාසී මිශ්‍ර ජනකොටසක් ඉන්නව කියලා,ඔවුන් පැවත එන්නෙ 1818 කැරැල්ලෙන් පස්සෙ පානම් පත්තුවට පසුබැස්ස සිංහල මිනිස්සුන්ගෙන් බවට් එහෙම කලේ වාසගමෙන් හෙලි වෙන අනන්‍යතාව සඟවන්නත් දෙමළ ආභාෂයෙන් බවත්..මතක හැටියට ඕක තිබ්බෙ පානම් පත්‍තුවේ ජනකතා පොතේ පෙරවදනේ..

      මේ කතන්දරේ හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරයි..එයාගෙ නමත් එහෙමද කොහෙද කියලා කිව්වෙ..නලියා දන්නව ඇති.

      Delete
    5. ප්‍රා
      ඒක තමයි මම කිව්වෙ. තමන්ට නමක් තියනව පෙලපත් නමකුත් තියනව. අහවලාගෙ පුතා හෝ දුව කියලත් කියවෙනව. එතනදි පුතාට 'විච්' කියන කෑල්ලත් දුවට නං ඒවගේ මොකක්දෝ කෑල්ලකුත් තියනව. රුසියන් කෙනෙකුගෙ නමක් ගත්තොත් තාත්තගෙ නම හොයාගන්න පුළුවන්. කොච්චර නිර්මානාත්මක ක්‍රමයක්ද!

      Delete
    6. තාත්තා - Ivan , පුතාගෙ මැද නම - Ivanovich , දුවගෙ මැද නම - Ivanova

      රෝමන් නම් වලත් නිර්මානාත්මක (ඔයිටත් වඩා ඉන්ටෙරෙස්ටින් - family nickname එකකුත් එක්ක) ක්‍රමයක් තිබුන . මෙහෙම ලියන්න අමාරුයි. රාජ් කැමති නම් Colleen McCullough ගේ පොතක් කියවල බලන්න

      Delete
    7. අපෙත් දොන් තිබ්බත් දෝන තිබ්බත් දන්නව තාත්තත් දොන් කියලා නේද?

      Delete
    8. ඉන්දුනීසියාවේ හිටිය ජනාධිපතිනිය මෙඝවතී සුකර්ණොපුත්‍රී වුනේ ඇය සුකර්ණෝ ගේ දියණිය නිසයි.

      හැබැයි සුජාතදියණී කියන්නේ නම් වෙනම කේස් එකක්, සුජාත් ගේ දුව නොවෙයි!

      Delete
  12. ළෝක ඉතිහාසය ගත්තොත් නම් කීයද කකා අමරණීය වෙන්නේ. ඒ අතර ලංකාවේ එක නමක් වත් නෑ. ඉන්දියාවේ කෝටී ගනක් උන්නත් ළෝකයා දන්නෙ නමක් දෙකක් විතරයි. අනෙක ප්‍රසිද්ධ වෙන්නේ පුද්ගලයා පමණයි. පරම්පරාව, අරවා මේවා මිනිස්සුන්ට වැඩක් නෑ. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නමුත් සමහර විට ඔරිජිනල් නම් නෙමෙයි. ඔය මාලනි ෆොන්සේක, ගීතා කුමාරසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය එහෙම නම්.

    කොටින්ම දැන් බ්ලොග් ළෝකෙට එමු. බ්ලොග් සක්විති "කතන්දර". අපිට නම අදාල නෑ. කවුරුත් කියන්නා කකා කියලා. ඒ වගේම ගූතලන් කිව්වට, මාතලන් කියන්නෙත් ලාංකිය බ්ලොග් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවනෙ නමක් වෙයි නේද?. මොකෝ එයා ස්වර්නමය යුගයේ වගේම, දියමන්ති යුගයෙත් උන් නිසා...

    ඉතින් බලන්න පින්වත්නි. මහාචාර්ය මාතලන්ගේ නම ඒක නෙමෙයි. අඩු ගානේ ප්‍රියන්ත හේවගේ වත් නෙමෙයි. බොහොම සුළු පිරිසයි එතුමාගේ පරම්පරා නාමය දන්නේ. කකත් එයින් එක්කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. චිරාත් කාලයක් හිටියා වුණත් මේ දක්වාම හරි හමන් බ්ලොග් එකක් ලියන්න බැරි වුණ එකයි පුරස්නෙ. අර එක වෙහෙර හිටපු දේවදත්තට නිවන් දකින්න බැරිවුණා වගෙ. නේද මාතලන්?

      Delete
    2. කතාවනම් සහතික ඇත්ත. පුද්ගලයා සමාජය තුල ගොඩනගාගන්න ප්‍රතිරූපයයි වැදගත්. නම නෙවෙයි. මාතලන් අයියා ගත්ත උදාහරණ දෙකෙන්ම ඒක පැහැදිලියි. ඒත් කවුරු උනත් නියම නමෙන් ජීවත් වෙනවනම් මං හරි කැමතියි. ඔය ඉතින් මට හිතෙන හැටි.

      Delete
    3. ඇයි අමරදේව ... වෙන එකක් ඕනේ නෑ මහින්ද රාජපක්ෂ (පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ), විමල් වීරවංශ

      Delete
    4. නිවන් කියලා දෙයක් තියෙන්න එපාය ඒක දකින්න. කොහොමත් අපි නිවුනු පුදගලයෝ වෙමු.

      Delete
    5. හැබෑටම මාතලන් යුග පුරුෂයෙක් නේද "ස්වර්ණමය යුගයෙයි ,දියමන්ති යුගයෙයි දෙකේම ඉන්නවනේ

      Delete
    6. ආං ටෝක්ස් එක !!!
      හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී !!!!!
      ඕ යේස්.

      Delete
    7. ලංකාවේ බ්ලොග් යුග:

      1. ඉංගිලිස් යුගය
      2. "සිංහලෙනුත් බැරිම නෑ" යුගය
      3. යුනිකෝඩ් වලි යුගය
      4. කාලිංග "මමයි රජා" අයියාගේ යුගය
      5. දාහක් සින්ඩි බුදුවුණු යුගය
      6. දේශපාලන වලි යුගය
      7. හැකිං යුගය
      8. පට්ට මඩ යුගය
      9. ඇනෝ ආතල් යුගය
      10. ඔබාමාමා- අභීත-ඉන්දික-ණය යුගය
      11. ‍යොවුන් (සෑමා- අඩවි රජා- තරියා) යුගය
      12. ලකෆ්‍රාන්ස් යුගය
      13. කකා-මාතලන්-අරුණි ලෝං ඩිස්ටන්ස් යුගය
      14. කකා-විචාරක; කකා- අටමා ... වලි යුගය
      15. අද යුගය (තවම නමක් නැත)

      Delete
    8. මගෙ අම්මේ යුග පහළොවක්නේ ඇනෝ,බ්ලොග් ඉතිහාසයට වයස කීයද.

      Delete
    9. ඇනෝ මචං
      අද යුගය = සා දුකින් පෙලෙන වුන් - දැන් ඉතින් නැගිටියව් යුගය :D

      Delete
    10. Anonymous13 June 2014 11:43
      ඔහේ නං මාර බඩුවක් ඈ! පට්ට!

      හැලපෙ,
      මේ ඇනෝ හරි! මේ යුගයන් එච්චර දිග නෑ. සමහර විට මාස දෙකක් විතර දිග කාලයනුත් තියනව.(උදා: ලකෆ්‍රෑන්ස්). ඒ වගේම යුග කාලයන් එකිනෙක කැපෙන අවස්තාත් තියනව (කාලිංග "මමයි රජා" අයියාගේ යුගය, දාහක් සින්ඩි බුදුවුණු යුගය)

      Delete
    11. මී ජයා හිටපු යුගය

      Delete
    12. @මාතලන්,
      ගෝල්ඩ් වලට පස්සේ එන්නේ ප්ලැටිනම්, ඊලඟට තමයි ඩයමන්ඩ්!

      Delete
  13. සිංහල මිනිස්සුන්ට නම් තැබීමේ කිසිම තියරියක්වත් ප්‍රතිපත්තියක්වත් නෑ. ඒනිසා ඉස්සරහදි මොකෙන් මොකක්වෙයිද, මොනවගේ නම් දායිද කියල සක්කරයටවත් කියන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. සක්‍රයාගේ පුතාට කියන නම වයිමා ද මොකක්ද නේද?

      Delete
    2. ඌටවත් කියන්න බෑ.

      Delete
  14. ඉදිරියට නම් දාද්දි වාසගම් කෑල්ලට බලෙන්ම ඒ අකුර හෝ අයන්න එන්න දාන්න දැන් දැන් පෙළඹෙනවා. මොකද පරිගණකයෙන් නම් ලයිස්තු හදද්දි ඒම නම් පෙරමුණට එනවා. ආර් දුමින්ද සිල්වා. අආ කාමල් කුරුප්පු මේ චන්ද ලයිස්තුවේ අංක එක ගන්න කළ උප්පරවැට්ටි. දැන් මේක බොහෝ දෙමාපියන් අනුගමනය කරනවා.

    ReplyDelete
    Replies
    1. //Naleen Dilruksha samakayawate//
      මේකත් අලුත් එකක්. තාක්ෂණයත් එක්ක මේ වගේ දේවල් ඉස්සරහට වැඩිවෙයි.

      Delete
    2. වි.ජ.මු. වගේ සිංහලෙන් ලිව්වොත්
      නදී සමකයවටේ. ඒක නිකන් නකදී පුසී වගේ හෙහ්

      Delete
    3. ඉතින් ඔයාත් අඃ අඃ අඃ නලින් දිල්රුක්ෂ නම කියලා වෙනස් කර ගන්නකෝ අනේ.

      Delete
    4. ඕක පටන්ගත්තෙ අතුළත් මුදලි

      Delete
    5. අන්න හරි ඇනෝ....//ඕක පටන්ගත්තෙ අතුළත් මුදලි//

      Delete
    6. අර පොරක් හිටියේ ශ්‍රීපති සූරියආරච්චි කියලා. චන්ද ලයිස්තුවේ බලනකොට පොර ගේ නම ආරච්චි ශ්‍රීපති සූරිය වෙලා!

      Delete
  15. ඒ කියන්නෙ දැං තත්වෙ හොඳ වෙලාද නරක් වෙලාද මන්ද.. ඔන්න අපේ කාලේ තිබ්බ වදේ නමට කෑලි 5-6ක් තියෙන එක.. උප්පැන්න සහතිකේ ඉඩත් මදි ... ඉස්‌කෝලෙට දාන්න ගියාමත් ෆොම් පුරවන්න ඉඩ මදි.. දැං තියෙන කේස් එක තියෙන නම් වලින් බගෙට බාගයක් මෙලෝ යකෙක්ට හරියට කියාගන්න බැරි එක..

    අර උඩ නිෂ්මං කියල තියෙනව වගේ නම අයිති අම්මට තාත්තට නෙවෙයි නෙ.. අයිතිකාරයට කැමති විදියට මොඩිෆයි කරගත්තට මොකෝ.. කොහොමත් තව ටික කාලයක් යනකොට සිංහල නම් ඔක්කොම යන්නෙ ඉංග්‍රීසි ඌරුවටයි චීන ඌරුවටයි වෙනව.. නිමල් ලා සුනිල් ලා නැති වෙලා ගිහින් නේ.. දැං එන්නෙ ටානියා ලා සු ෂාන් ලා...

    ReplyDelete
    Replies
    1. එහෙමනෙ දැන් 'මල්ලිකා'ලා 'මලීකා'ලා වෙන්නෙ.

      Delete
    2. ඇයි හිරුත් නම කොට කරලා හැම තැනම හි, හි කියලා ලිය ලියා ගියා නේද? අද නම් නෑ!

      Delete
    3. ඒක මගෙ හිනාව...!!!

      මේවට හිනා වෙන්න පුළුවනෑ....

      Delete
  16. කකා එතකොට අබේවර්ධන බාලසූරිය :D

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ මතයක් තියෙනවා නමයි වාසගමයි මාරු කරන්න පුළුවන් මිනිස්සු විශ්වාස කරන්න එපාය කියලා.

      Delete
    2. එලකිරි ඇනෝ මචං..එහෙම විශ්වාසයක් තියනව කියල දන්නෙ අදයි.

      Delete
    3. අබේවර්ධන වගේ නම් පසුව වාසගම් විදියට භාවිතා වෙන්න පටන් ගත්තු මුල් නම්!

      Delete
  17. ක්‍රිකට් කණ්ඩායමේ කකාට මතක නැති වුන නම් දෙකක්.
    දොන් අරුණසිරි
    සීක්කුගේ ප්‍රසන්න

    ReplyDelete
    Replies
    1. ඒ නම් දෙකේම වාසගම්/පෙළපත් නම් තියෙනවානේ?

      Delete
  18. ඈ බං උගෙ නම "සීක්කුගේ ප්‍රසන්න" තමා ....වෙන කොහොම ලියන්නද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හැලපේට වැරදීමක් වෙලා කියායි!

      Delete
  19. හෆ්ෆෝ නම්.. ඔය අපේ නංගිලාගේ පන්තියේ කෙල්ලෙක් හිටිය ඒකිගේ නම ඩිශුනි ද මොකද්ද එකක්. දැන් දහම්පාසලේ එහෙම පන්ති වලට ගියහම නම් පොත් ලකුණු කරද්දී සමහර නම් දැක්කම කියන්නත් මොකද්ද වගේ.. සමහරක් එව්වා අමු කුණුහරුප වගේ..

    ReplyDelete
    Replies
    1. පාංශු ඛාදණ, සමුද්‍ර ඛාදණ කියලාත් නම් දාලා තියෙනවාලු!

      Delete
  20. ඔය මල ඉලව් වාසගං නං හලන්නම ඕනෙ. මං මගෙ දරුවන්ට එව්ව දුන්නෙ නෑ. කොහේ හරි රටකට යන්න පොර්ම පුරවන්න ගියාම් අතමයි තරු පෙනෙන්නෙ.. නමේ දිගට ඉඩ නෑ. නම මොකක්ද කියල අනිත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ ඒතරමට නම්.. පිස්සු විකාරයක්..
    සමහරුන්ට ඔය වාසගම ඕනෑමයි ඒ ඉතින් වාසගමෙන් පරම්පරාවෙ වංශකතාව හොයාගෙන තමුන්ට සුදුසුද නැද්ද කියලතීරණය කරන්න.

    ReplyDelete
    Replies
    1. //කොහේ හරි රටකට යන්න පොර්ම පුරවන්න ගියාම් අතමයි තරු පෙනෙන්නෙ..//
      :D

      Delete
    2. මොකක්ද ඒ දුන්නේ නෑ කතාව. තාත්තගෙ වාසගම අමුතුවෙන් දෙන්න ඕනෙ නෑ. ඉබේම එනවා ලමයින්ට.

      Delete
    3. සරත් ලංකාප්‍ර්‍රිය කීවාමත් ඉතිං වාසගමක් නෑ නේ?

      Delete
  21. පොස්ටුව කියවලා කොමෙන්ට් ටික දැක්කට පස්සේ මගේ නමත් අමතක උනා

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයාගේ නම කේ. රාළ කිව්වොත් හරිද

      Delete
    2. කේඑල්වල කෙන්ජා වගේ මෙයාව කේඑල්වල රංජා කරමු!

      Delete
  22. පිං මාලුවලේ කුසල් හාමි මාලු බානවා - සිල් අරං ඇවිත් සීලවතී මකුනො මරනවා
    ධනපාල උනත් මිනිහා මහපාරෙ හිඟනවා - මං අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා.

    හැකි නම් මෙන්න මේ ජාතක කතාවත් කියවල බලන්නකෝ.
    නාම සිධි ජාතකය

    ReplyDelete
    Replies
    1. ඒ ජාතකේ කියවන්න පටන් ගත්තත් ටිකකින්ම එපා වුනා කියවිල්ල.

      Delete
  23. රිදි කලෙත් අරන් උදේ -කොහේද යන්නෙ මේ..
    කොහි සිටන්ද එන්නෙ කවුද..මව්පියන් ඔබේ..

    ReplyDelete
    Replies
    1. මේ මෙයාගේ වාසගමද හි

      Delete
    2. නෑ එයා කියන්න හදන්නේ වාසගමක් නැතිව නම විතරක් භාවිත කරන නිසා
      “ කොහෙ සිටන් ද එන්නෙ කවුද මව් පියන් ඔබේ “ කියලායි මට හිතුනේ.
      ඉස්සර ඉස්කෝලෙදි නම් අපිට බනිනවා වාසගම නොලීවම. මම හිතන්නෙ එතන තියෙන්නෙ ජාතක අවජාතක ප්‍රශ්ණයක් මොකද එහෙම කියල නෙව ගුරුවරු බයින්නේ.

      ඒත් මමත් කැමැති මගේ නම විදිහට වාසගම නැතිව නම විතරක් භාවිතා කරන්න.අනික තාත්තගෙ වාසගම දානෙක කොයි තරම් අසාධාරණ ද එහෙනම්.දසමසක් කුස තියා ගත්ත අම්මගෙ මයිටකොන්ඩ්‍රියා සිරුරේ. තාත්තගෙ වාසගම නමේ......

      Delete
  24. Replies
    1. මාත් ඔය ක්‍රික් ඉන්රෙෆා් එකේ වර්තමාන එංගලන්ත සංචාර කණ්ඩායමේ නම් වලින් තමයි උදාහරණ දුන්නේ.

      මං කතන්දරෙන් අහල තියෙන්නේ ඇයි මේ අය දැන් තමන්ගේ ඒ වාසගම්, පෙළපත් නම් අතහැරලා?

      Delete
    2. සෙල්ලම් කරන්නේ පෙළපත නෙමෙයි නිසා වෙන්නැති.

      Delete
  25. Replies
    1. කේඑල්වල කෙන්ජා!
      නමයි වාසගමයි!

      Delete
  26. කකා...........................................

    ඇත්ත කතාව. මුන් නම් පාවිච්චි කරන්නේ එස්.එම්.එස් ගෙන්නා ගැනීමට ආකර්ෂණීය ලෙස සහ ජනප්‍රියත්වය උදෙසාය... ඉතින් දෙමළ සමාජයේ නම දාන විදිහත් එහෙම තමයි. තාත්තගේ නමේ අග කොටස එක්ක පුතාගේ නම දෙවැනියට දානවා. තාත්තා රමලිංගම් විජේකුමාර් නම් සීයාගේ නම රාමලිංගම් තාත්තා විජේකුමාර් එතකොට පුතා විජේකුමාර් දිනේෂ් වගේ එකක් තමයි එන්නේ... අපිට නම් එහෙම නෙමෙයිනේ. ඉස්සරහින් තියෙනවා පෙළපත් නාමය ද මොකක්ද එක ඒක දිගයි අඩි දහයක් විතර. ඒක අපේ කිරිකිත්තත් ඒ විදිහට ම දාගෙන ඉදලා. ඊට පස්ස් අගට තව කෑල්ලක් තියෙනවා ඒක වාසගම ද මොකක්ද එක. ඒකත් පරම්පරාවේ හැම එකාට ම තියෙනවා. ඒ මැදින් තවත් නම් කෑලි ගොන්නක් තියෙනවා. ඒක තමයි අපේ නම...

    යුරෝපීය ක්‍රමයත් තවත් එළ. එයාලාගේ තාත්තාගේ නමම පුතාත් භාවිතා කරනවා. බැරක් හුසේන් ඔබාමා ජූනියර් කියලා කියනවා. තාත්තා සීනියර් වෙන්න ඇති. එතකොට සීයා සූපර් සීනියර් ද දන්නෑ. එතකොට අත්තට එද්දි මෙගා සීනියර් වගේ දාගන්න පුළුවන්. ඉතින් උන්ට ළමයි කොච්චර හිටියත් නම් දාන්න අවුලක් නෑ. ඒකනේ තාම මාටින් වගේ පරණ නම් භාවිතා වෙන්නේ. නම් ඉවර වෙන්නෑ ලේසියකින්... ඒකට අපි.....................

    ReplyDelete
    Replies
    1. දෙරණ ආධුනික ගායකයෝ එස්එම්එස් සඳහාය කියමු.

      එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ?

      ඒ විතරක් නොවෙයි තවත් විශාල පිරිසක් අතර මේ ටේ‍රන්ඩ් එක පැතිරිලා!

      Delete
  27. මමත් කොටින්ම මගේ වාසගම පාවිච්චි කරන්නේ අඩුවෙන්.. කොටින්ම ඔය හැමෝම දන්න මගේ වාසගමත් මගේ හරිම එක නෙමෙයි.. කෝම නමුත් මම ආස ඒකට.. අපේ අයියනම් ඒ අපි ආස කරන වාසගම එයාගේ පොඩි එකාට දා ගත්තා..

    ReplyDelete
    Replies
    1. ඉස්සර ක්‍රමයට උප්පැන්නේ ළමයාගේ නම කියන තැන ලියන්නේ ළමයාට දෙන නම විතරයි, දැන් වාසගමත් එක්ක මුළු නමම ලියනවා!

      ඒකයි ඔය දාගත්තා කියන්නේ!

      Delete
  28. මම කැමතියි මට කවුඩු පනික්කියලාගේ ආන්ජලෝ අප්පුහාමි දුක්ගන්නාරාල වගේ නමක් තිබුනනම්
    ලංකාවේ යම්කෙනෙක්ට අමුතුම නමක් තියෙනවානම් ඒ කෙනා සිංහල ඒක තමා සිංහල අනන්‍යතාවය
    උදාහරණයක් හැටියට බෞද්ධ ජෝන්ද සිල්වා කෙනෙක් සහ කතෝලික සුනිල් ශාන්ත කෙනෙක් ඉන්නවානම් ඒ සිංහල ජාතියෙම තමා ඉන්දියාවෙනම් යුරෝපීය නම් දාන්නේ කතෝලික අයට අපිට එහෙම ගැටලුවක් කෑ අපි ඒ ගැන ආඩම්බර වියයුතුයි. මං හිතන්නේ ලංකාවේ දෙමලු තමන්ගේ දරුවන්ට වෙනස් නමක් දාන්න බයයි එතකොට උන් සිංහල වගේ වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. සුනිල් ශාත්ත ගේ ඒ නම ශාන්ති නිකේතනයෙන් පසු ගත්තු නමක්. මං හිතන්නේ මුල් නම ජෝෂ්ප් ජෝන් ද කොහෙද?

      Delete
    2. ඔව් බද්දලියනගේ දොන් ජෝෂ්ප් ජෝන්!
      http://en.wikipedia.org/wiki/Sunil_Santha

      !!!

      Delete
  29. හරිම සතුටු දවසක්! එදා කිව් එක දුකක් නෑ!!

    http://kathandara.blogspot.com/2014/06/no-time-to-do-anything.html

    කාලෙකට පස්සේ හැමෝගෙම කමෙන්ට්වලට වගේ රිප්ලයි කරන්න ඉඩ ලැබුණා.

    ReplyDelete
  30. මේවාට මොනවා කියන්නද මම දන්නේ නැහැ. මම දන්න විදිහට මම නවන්දන්න කුලේ. හරි ආඩම්බරයි ඒ රැකියාව ගැන කියෙව්වාම. අපේ මල්ලි එයාගේ නිබන්ධනය කලේ 'ස්වර්ණ කරුවෝ' කියලා. මම බැන්දේ ගොයිගම ගෑනියෙක්. පෙලපත් නාමය මගේ පවුලෙන් එන්නේ 'ආචාරිගේ' කියලා. අපේ සීයාගේ සීයා ආචාරිගේ විලියම් සිඤ්ඤෝ නම කාලෙකදි විලියම් පෙරේරා කරගෙන. එහෙම තමයි මම අරූ පෙරේරා වෙලා තියෙන්නේ. Keep cross-breeding..!!

    ReplyDelete
  31. මේවාට මොනවා කියන්නද මම දන්නේ නැහැ. මම දන්න විදිහට මම නවන්දන්න කුලේ. හරි ආඩම්බරයි ඒ රැකියාව ගැන කියෙව්වාම (Goldsmith). අපේ මල්ලි එයාගේ නිබන්ධනය කලේ 'ස්වර්ණ කරුවෝ' කියලා. මම බැන්දේ ගොයිගම ගෑනියෙක්. පෙලපත් නාමය මගේ පවුලෙන් එන්නේ 'ආචාරිගේ' කියලා. අපේ සීයාගේ සීයා ආචාරිගේ විලියම් සිඤ්ඤෝ නම කාලෙකදි විලියම් පෙරේරා කරගෙන. එහෙම තමයි මම අරූ පෙරේරා වෙලා තියෙන්නේ. Keep cross breeding...

    ReplyDelete
    Replies
    1. නවන්දන්න කියන්නේ රන්කරුවොම නෙවෙයි. කම්මල් කරුවෝ.එයින් කොටසක් රන් වැඩත් කරනවා තමයි. නමුත් බේස් එක ලෝහ. කොහොම උනත් තමුන් ආචාරියෙක් කියලා පිළිගන්න අරූට තියෙන ගටට මං ගරු කරනවා.

      Delete
    2. වාසගමෙන් කුලේ පේන නිසාම මිනිස්සු වාසගම හංගනවා.ඒ වගේම වාසගම වෙනස් කරනවා.තුන්සිය හැටපස් දවසෙම බුදුන් වදිමින් වරකට ගාතා සීයක් විතර මුමුණන උදවිය වසලයෝ සහ බ්‍රහ්මණයයෝ නිර්මාණය වන හැටි පිළිබදව බුදු වදන දන්නෙ නැහැ.එපමණක්නම් මදෑ,ඒ දේශනාව අරං යන්න ඉන්න මහ සගරුවනම ආගම ගැන දෙසුම් කරන්නෙ කුලය පදනම් නිකායනට වෙලා.
      සැබෑ බුදු දහම රැක ගැනීමට කියලා සිවුරෙ ඉන්න සෙට් එක ජාතිවාදි ආගම්වාදී ස්ථාවරවල ඉදං කෑ ගහල මිනිස්සු කුලප්පු කර ගන්න ඉස්සර ශාසනය කුල පදනම මත රදවා ගනිමින් බුද්ධාගමට නිගා දීමට එරෙහිව අරගල කළ යුතුයි.

      Delete
  32. මං හිතන්නෙ ඔය නවන්දන්න කියන්නෙ රත්‍රන් හා ලෝ වැඩ කරපු දෙගොල්ලටම,තව පේඩි ගේ කියන එකත් ඔය ගොඩඩම යන එකක් නෙද ?

    ReplyDelete
  33. ඕක මේ ලඟදි ආපු දෙයක් නෙවේනෙ කකා. ඇයි ශිහාන් මිහිරංග, ශලනි තාරකා....

    ReplyDelete
  34. මම ඉස්සර දවසක් ගෑනු ලමයෙක්ගෙන් ඇහුවා (එයාගෙ වාසකම කල්දේරා) ඇයි ඔයාට කල්දේරා කියන්නේ ඔයාල පැවත එන්නේ පෘතුගාලෙ වලං හදන පරම්පරාවක කෙනෙක්ගෙන්ද නැත්නම් ඔයාලගෙ සීයලා පෘතුගීසි බලකොටුවෙ වලං හේදුවද නැත්නම් පෘතුගීසි කාරයින්ට බත් ඉව්වද ඒත් නැත්නම් උන්ගෙ රෙදි හේදුවද නැත්නම් කල්දෛ්රම් වල වතුර උනුකරලා පෘතුගීසි ලොක්කන්ව නෑව්වද කියලා
    එතකොට එහා පැත්කන එකෙක් කිව්වා මුංගෙ මුත්තලා ඒකාගේ පෘතුගීසීන්ට හැලි අරක්කු විකිනුවා ඒහිද පෘතුගීසි කාරයෝ මුන් දකිනකොට කල්දේරා කියලා එහෙමයි මුං කල්දේරා වුනේ කියලා
    හැබැයි අත්තටම කල්දේරා කියන වාසගමේ තේරුම මොකක්ද කියලනම් තාමත් මම දන්නෙ නෑ

    ReplyDelete
  35. අපේ තාත්තගේ ආචිරි කුලයේ යාලුවෙක්ගෙ වාසගම ලෝක විභූශිත සූරිය මණ්ඩල ආචාරිගේ
    ඒක මහනුවර යුගයේ නම්බු නාමයක්ලු
    ලංකාවෙ දෙමල මිනිස්සු අතර වාසකම් පාවිච්චියක් නැත්තේ එයාලා ලන්දේසින් ලංකාවට ගෙන්වපු ජනකොටසක් නිසා වියයුතුයි
    මේක නිජභූමි කතා බොරුකරන්න හොඳ උදාහරණයක්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.